‘මැණිකේ මගේ හිතේ’ මැතිසබයේ ගෞරවය හිමිවිය යුතුයි – නලින් බණ්ඩාර

336

මේ වනවිට ජාත්‍යන්තර සංගීත ක්ෂේත‍්‍රය තුළ දැඩි ප‍්‍රසිද්ධියක් ලබා තිබෙන යොහානි ද සිල්වාට සහ සතීෂාන්ට පාර්ලිමේන්තුවේ ගෞරවය හිමිවිය යුතු යැයි විපක්ෂ මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය.

ඔවුන් දෙදෙනාගේ ගීතයක් ජාත්‍යන්තරයට ගොස් මිලියන 10 කට අධික පිරිසක් එය නරඹා ඇතැයි ද කී මන්තී‍්‍රවරයා ඉන්දියාව ද ඇය සංස්කෘතික තානාපතිවරියක ලෙස නම්කර ඇතැයි ද කීය. එබැවින් ඔවුනට පාර්ලිමේන්තු ගෞරවය ලබාදිය යුතු යැයි ද මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment