පාර්ලිමේන්තුව පිළිබඳ සමාජ වෛරය නැති කළ යුතුයි = මුදල් අයකර මන්ත්‍රීවරුන්ට සාමාන්‍ය කෑම වේලක් ඉල්ලා ලිපියක්

323

හිටපු ඇමැති රමේෂ් පතිරණ

මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලය සඳහා සාධාරණ මුදලක් අය කර සාමාන්‍ය කෑම පාර්සලයක් ලබා දෙන ලෙස ඉල්ලා විශේෂ ලිපියකට අත්සන් කළ බව හිටපු ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය.

සියලුම මන්ත්‍රීවරුන් තම පවුලේ  අය සමග පැමිණ පාර්ලිමේන්තු  භෝජනාගාරයෙන් කෑම කන බව ජනතාව සිතුවත් එය එසේ නැති බවත් ඕනෑ නම් මන්ත්‍රීවරයකු මසකට දින දෙක තුනක් පාර්ලිමේන්තුවෙන් ආහාර ලබා ගන්නා බවත් ඒ මහතා කීවේය.

විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට ලැබෙන්නේ රුපියල් 30,000 ක් වැනි සුළු විශ්‍රාම වැටුපක් බවත් තීරුබදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් ජනතාවට ගැටලුවක් තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධික සුඛවිහරණ විඳින බව ජනතාව සිතුවත් එසේ නොවන බව පැවසූ රමේෂ් පතිරණ මහතා මන්ත්‍රී ධුරය අහිමි වූ ඇතැමුන්ට කන්න අඳින්නවත් නැතැයිද, පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් තිබෙන සමාජ වෛරය නැති කර රටට සේවයක් සැලසිය යුතු බවත් කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment