මලල ක්‍රීඩාවේ දශක දශකයක මතක මං පෙත

437

දශක දශකයක මතක අතරට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය පියවර තබා ඇත. එය සතුටට කරුණකි. ක‍්‍රීඩා සංගමයක් ලෙස ශ‍්‍රී ලංකාවෙන් එවැනි සන්ධිස්ථානයකට පැමිණ ඇති අනෙක් ක‍්‍රීඩා සංගමය රග්බි ක‍්‍රීඩා සංගමයයි. එම දශක දශකයේ මතක අතර රන්, රිදී, ලෝකඩ පදක්කම්වලින් ශ‍්‍රී ලංකාව වැජඹී ඇත. ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා තරගාවලි, ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලි, ආසියානු ක‍්‍රීඩා තරගාවලි, දකුණු ආසියාතික ක‍්‍රීඩා තරගාවලි නියෝජනය කරමින් සිය ගණන් මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ශ‍්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියට ගෙන ගියහ. ඔවුන්ගේ දහඩියෙන්, කඳුළෙන්, මහන්සියෙන්, කැපකිරීම්වලින් සුසුමින් පෝෂණය වූ ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කෙත සරුසාරව පෝෂණය වූ බව නොරහසකි. ඒ උදාර මෙහෙයට උපහාර පුදන්නට අමතක කිරීම වැදගත් ජාතියකට නොහොබිනා කටයුත්තකි. ලබන 07 වැනිදාට සියවස සමරන මලල ක‍්‍රීඩා සංගමය සිය අස්වැන්න පෝෂණය කළ ඒ වීරවරුන්, වීරවරියන් අමතක කර නොමැත. ඔවුන් සියලූ දෙනා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන උත්සවයේදී උපහාර ලබනු ඇත.

ඔලිම්පික් පදක්කම් දෙකක් මෙන්ම ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලි පදක්කම ද ශ‍්‍රී ලංකාව ජය ගෙන තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේදී දිනූ පදක්කම් ගණන 10 කට වැඩිය. ආසියානු ක‍්‍රීඩා උළෙල පදක්කම් 30 කට ආසන්නය. දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී නම් ශ‍්‍රී ලංකාව කලාපීය වශයෙන් දැවැන්තයෙකි. එම තරගවලදී ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කළ පදක්කම් ගණන 500 කට වැඩිය.

ලෝක සිතියමේ තිතක් බඳු රටක් ලෝකය හඳුනා ගත්තේ ක‍්‍රිකට්වලිනි. ඉක්බිතිව ඒ ස්ථානයේ නිහඬ හිමිකරුවා මලල ක‍්‍රීඩාව විය යුතුය. ක‍්‍රිකට්වලදී මෙන් ලෝකෙට ලොක්කා වෙන්නට බැරි වුවද මලල ක‍්‍රීඩාවට ජාත්‍යන්තරව සම්බන්ධ රටවල් ගණන අති විශාලය. දුවන, පනින, කඩුලූ මතින් දිවයන තරගවලට ලෝකයේ හැම අතින්ම එති. තවමත් ටෙස්ට් ක‍්‍රිකට් තරග වරම් හිමි රටවල් ගණන 12 කි. ඒ නිසා ක‍්‍රිකට්වලට වඩා තරගයක් මලල ක‍්‍රීඩාවට ලෝකයේ තිබේ. එදා සුසන්තිකාලා, සුගත් තිලකරත්නලා, දමයන්ති දර්ශලා, ශාන් සුපුන් අබේකෝන්ලා, උෂාන් තිවංකලා තරග කරන්නේ ඒ අසීමිත තරගකරුවන් ඉදිරියේ ය. කෙටියෙන් කිවහොත් අපි වැනි රටකින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඔලිම්පික් වරම් ලැබීමත් සිහිනයකි. බොහෝ විට එසේ ඔලිම්පික් යන්නේ ද වයිල්ඞ් කාර්ඞ් ක‍්‍රමය යටතේ හෝ ඒ ඒ රටවලට ලබා දෙන කෝටා ක‍්‍රමය යටතේ ය.

එසේ අහඹු ක‍්‍රීඩා මතක සැමරුම් අතර ශ‍්‍රී ලංකාව ඔලිම්පික් පිටියේ ලොව දිදුලන අවස්ථා දෙකක් වේ. ඉන් එකක් හතළිහේ දශකයේ ය. අනෙක් මතකය විසිඑක්වැනි සියවසේ පළමු දශකයේ ය. ශ‍්‍රී ලංකා මාතාවට ඒ රන් සිහිවටන පළමුව ගෙන එන්නේ 1948 වසරේ පැවති ඔලිම්පික් උළෙලේ දීය. එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති එම ඔලිම්පික් උළෙලේදී මීටර් 400 කඩුලූ පැන දිවීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගත් ඩන්කන් වයිට් සිලෝන් නාමය ලොව ඉදිරියේ බැබලූවේය.

මලල ක්‍රීඩාවේ දශක දශකයක මතක මං පෙත

යළිත් ඔලිම්පික් පිටියේ වසර ගණනක් ශ‍්‍රී ලංකාව නිහඬය. තරගාවලියට යති. එති. සැමරීමට තිබුණේ සිහිකිරීමට තිබුණේ ඩන්කන් වයිට් නාමය පමණි. එහෙත් කෑගල්ලේ ඇත්නාවල සුසන්තිකා ජයසිංහ 2000 වසරේ ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි වෙත ගියේ නිකම් එන්නට නොවේය. හිත දැඩිව තිබිණි. ඒ නියං සායට මැදිව තිබූ ශ‍්‍රී ලංකාව ඔලිම්පික් පදක්කමකින් සැරසීමටය. ඇය සිහිනය දිගේ ගියාය. සිඞ්නි ඔලිම්පික් පිටියේ ලෝකඩ පදක්කමකින් ලක්මව සැරසවූ ඒ දිරිය ක‍්‍රීඩිකාවගේ නමින් අද ඇත්තේ ලෝක පදක්කමකින් එහා ගිය රිදී පදක්කමකි. මීටර් 100 ඉසව්වේ රන් පදක්කම්ලාභී ඇමෙරිකාවේ මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක චෝදනාවට ලක්වීමෙන් ඇයගේ පදක්කම අවලංගු වන විට සුසන්තිකාගේ නම තවත් ඉදිරියට ගියාය. ඕ රිදී පදක්කම් ලාභිනියකි. ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා නොව සමස්ත ශ‍්‍රී ලංකා කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයෙන්ම හිමි ඔලිම්පික් පදක්කම් දෙකෙන් එකක හිමිකාරිනිය ඇයයි. ඒ තත්පර 22.28 ඇය ශ‍්‍රී ලංකාවට තව වරක් වටිනා ජයග‍්‍රහණයක් ලබා දුන්නාය. එය අමිල අප‍්‍රමාණ ජයග‍්‍රහණයකි. තවමත් ඇය එවැනි ජයග‍්‍රහණ සොයමින් සිටී. තවත් සුසන්තිකා කෙනෙක් සොයමින් වෙහෙසේ.

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයට සියවස් සපිරෙන මේ මොහොතේ එහි අතීතය කරා පියමැනීමේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මලල ක‍්‍රීඩා ඉසව් නියෝජනයක් පළමු වරට සිදුවී තිබෙන්නේ 1924 වසරේදීය. මලල ක‍්‍රීඩා සංගමය පිහිටුවනු ලැබුවේ 1922 වසරේදීය. ‘‘ඉන්දියන් ඔලිම්පක්ස්’ ලෙස නම් කර තිබූ එම ක‍්‍රීඩා තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් සහභාගි වූ ක‍්‍රීඩකයන් ගණන තුන්දෙනෙකි. ඉන්දියාවේ දිල්ලිහි දී එම තරගය පැවැත්විණි. තරග පැවැත්වුණේ මීටර්වලින් යාර ගණන්වලින් දුර මනිමින්ය. එදා එම පළමු ජාත්‍යන්තර තරග ප‍්‍රවේශය උදාකර ගත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වී තිබුණේ ජී. එච්. කරුණාතිලක, වී. එම්. රොසාන් සහ ජී. එල්. ජයවර්ධන යන අයය. ඔවුහු පිළිවෙළින් යාර 100, යාර 200, යාර 220 සහ යාර 440 යන තරග නියෝජනය කළහ. එම තරගවලට අමතරව ජී.එල්. ජයවර්ධන දුර පැනීමේ ඉසව්ව ද නියෝජනය කර තිබුණි. රටවල් හතරකින් පමණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ එම තරගාවලියට සහභාගි වී සිටියහ. අනතුරුව 1938 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 4 ක් සිය දායකත්වය ලබා දුන්හ.

මලල ක්‍රීඩාවේ දශක දශකයක මතක මං පෙත

1948 ඔලිම්පික් උළෙලේදී ශ‍්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දුන් ඩන්කන් වයිට් 1950 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව රිදියෙන් නොව රනින් බැබළවූයේය. මීටර් 440 කඩුලූ පැන දිවීමේ ඉසව්වෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය පළමු රන් පදක්කම ශ‍්‍රී ලංකාවට දිනා දීමට ඩන්කන් වයිට් සමත් වූයේය. නවසීලන්තයේ ඕක්ලන්ඞ්හිදී එම තරගාවලිය පැවැත්විණි. 1924 වසරේ පළමු ජාත්‍යන්තර තරගාවලියට දිල්ලි ගිය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් තවත් වසර 27කින් පසුව ද දිල්ලි බලා ගියේය. ඒ පළමු ආසියානු කී‍්‍රඩා තරගාවලියට සහභාගි වීමටය. එම තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට රිදී පදක්කමක් දිනා දෙන්නට එම්. ඒ. අක්බාර් කී‍්‍රඩකයා සමත් වී තිබිණි. ඔහු රිටි පැනීමේ ඉසව්වෙන් එම දක්‍ෂතාවය ප‍්‍රදර්ශනය කළේය. මීටර් 3.38කින් අක්බාර් ශී‍්‍ර ලංකා නාමයට රිදී පදක්කමක් උරුමකර දෙද්දී තවත් වසර 7ක් ඇවෑමෙන් පැවැති ආසියානු කී‍්‍රඩා උළෙලේදී නාගලිංගම් එදිරිවීරසිංහම් නමැති කී‍්‍රඩකයා මීටර් 2.03ක් උස පැන ශී‍්‍ර ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන්නේය. එමතු ද නොව නාගලිංගම්ගේ එම දක්‍ෂතාවය සඳහන් වුණේ නව තරගාවලි වාර්තාවක් ලෙසය. ජපානයේ ටෝකියෝහිදී එම හපන්කම පෙන්වූ නාගලිංගම් ද ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයේ අමරණීය නාමයකි. එස්. එල්. බී. රෝසා, ඩබ්ලිව්. විමලාදස යන අයගෙන් පසුව ආසියාතික කී‍්‍රඩා උළෙල වර්ණවත් කළ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩකයන් අතර සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා, ශි‍්‍රයානි කුලවංශ, සුසන්තිකා ජයසිංහ, රොහාන් ප‍්‍රදීප් කුමාර යන නාමයන් ඉදිරියෙන් පසුවේ. ඒ අය අතරින් සුගත් තිලකරත්න සහ ශි‍්‍රයානි කුලවංශ දෙදෙනා පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ ද පදක්කම්ලාභීහු වෙති. සුසන්තිකාගේ නාමය ලෝක ශූරතාවලියේද රිදී පදක්කමකට සහ ලෝකඩ පදක්කමකට උරුමකම් කියන්නීය. ආසියානු කී‍්‍රඩා තරගාවලියේදී එක් රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක්ද ලෝකඩ පදක්කමක් ද දිනාගත් ඇය ආසියානු ශූරතාවලියේ දී දිනූ රන් පදක්කම් ගණන 6කි. දකුණු ආසියානු රන් පදක්කම් ගණන 4කි. එවැනි රන් පදක්කම් 100කට වැඩි ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාව දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී හිමිකරගෙන ඇත.

මලල කී‍්‍රඩා සංගමය වූකලී විවිධ සභාපතිවරුන් යටතේ පාලනය වූවකි. දෙවතාවක් මේ රටේ විධායක ජනාධිපතිවරයා ද වූ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ද වරෙක එහි සභාපතිවරයා වූවේය. එසේම වසර 100ක් සපිරෙන මලල කී‍්‍රඩා සංගමයේ වසර 50ක සේවා කාලය සපිරූ දෙදෙනකු ද වේ. ඒ පේ‍්‍රමා පින්නවල සහ ජී.එල්.එස්. පෙරේරා යන මහත්වරුන්ය. ඉන් පින්නවල මහතා ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ වත්මන් ලේකම්වරයා වන අතර ජී.එල්.එස්. පෙරේරා මහතා උප සභාපතිවරයෙකි. ලබන 07 වැනිදා උපහාර ලබන්නේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පමණක් නොව මලල කී‍්‍රඩාවට දරදිය ඇදි හැම දෙනාම උපහාර ලබති.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment