බෙන්ඩික් කණ්ඩායමට ඉතිහාසගත ජයග්‍රහණයක්

422

වෙස්ලි-බෙනඩික් වාර්ෂික මහා ක්‍රිකට් තරගය

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය මෙවර සමත් වූයේය.

පසුගියදා පැවති වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලකුණු 46 කින් ජය ගනිමින්, කොටහේන ශාන්ත බෙනඩික් ක්‍රීඩකයෝ එම දස්කම ප්‍රදර්ශනය කළහ.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති එම තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශාන්ත බෙනඩික් ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 150ක් රැස් කළහ.

පිළිතුරු ලෙස වෙස්ලි කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 122ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවනු ලැබූ අතර ශාන්ත බෙනඩික් කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා සියලු ක්‍රීඩකයෝ දැවී ලකුණු 110 ක් රැස් කළහ.

තරගය ජය ගැනීමට වෙස්ලි කණ්ඩායමට ලකුණු 139 ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන්ට සියලු ක්‍රීඩකයන් දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 92ක් පමණි.

බෙනඩික් කණ්ඩායමට මෙම ඉතිහාසගත ජයග්‍රහණය සඳහා නායකත්වය ලබා දුන්නේ, ශාරුජන් ශන්මුගනාදන් ක්‍රීඩකයාය.

advertistmentadvertistment
advertistmentadvertistment