මලල ක්‍රීඩකයෝ 10ක් හෙට චීනයට

185

චීනයේ හංජෝ හිදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කර පෙර පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දෙනෙක්, ක්‍රීඩිකාවන් 4 දෙනෙක් සහ පුහුණුකරුවන් දෙදෙනකුගෙන් යුතු 12 දෙනකුගේ කණ්ඩායමක් හෙට (02 වැනිදා) චීනය බලා පිටත්ව යෑමට නියමිතය.

මෙම පුහුණුව සති තුනක පුහුණුවකින් යුක්ත වන අතර තරගාවලිය ලබන 23 සිට ඔක්තෝබර් 8 දක්වා පැවැත්වේ. එහි මලල ක්‍රීඩා තරග ලබන 29 සිට ආරම්භ වීමට නියමිතය.

තරගාවලිය සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 කගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු කර ඇති අතර දකුණු ආසියාවේ වේගවත්ම ධාවක යුපුන් අබේකෝන් ඇතුළු එම කණ්ඩායමට ක්‍රීඩකයන් 8ක් සහ ක්‍රීඩිකාවෝ 8ක් අයත් වෙති. එම කණ්ඩායමට කළමනාකරු ඇතුළු පුහුණුකරුවන් 7ක්ද අනුබද්ධිතය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment