කුසල් මෙන්ඩිස් සමාව ඉල්ලයි

501


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසිදු බාහිර බලපෑමක් හෝ පීඩනයක් එල්ලවී නොතිබුණු බවත් ක්‍රීඩකයින්ට තම දක්ෂතා පෙන්වීමට හැකි නොවීම ගැන කනගාටු වන බවත් තරග පරාජය ගැන ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් මහතා අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.අඩුපාඩු මගහරවාගෙන ඉදිරියේදී නිසි සැලසුමකට අනුව කටයුතු කිරීමට පියවර ගන්නා බව ද කීවේය. මැච් පරදින්න ක්‍රීඩා නොකරන බවත් රට වෙනුවෙන් සිතා ක්‍රීඩා කරන බවත් සමාජ මාධ්‍ය මගින්ද තරග පරදින විට ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම බිඳ වැටෙන ලෙස තොරතුරු ප්‍රචාරය කරන්නේ නැතිව මානසික මට්ටම ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් සඳහන් කළේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පනවා ඇති තහනම කඩිනමින් ඉවත්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසූ කුසල් මෙන්ඩිස් කෙසේවෙතත් අඛණ්ඩව පුහුණුවීම් සිදුකරන බවත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment