සියයට 30 කින් ගාස්තු නංවයි – ඉන්ධන බවුසර් හිමියෝ  වර්ජනය අත්හරිති

60

ඉන්ධන ප්‍රවාහන ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (02 දා) සවස අත්හිටුවීය.

ඉන්ධන ප්‍රවාහන ගාස්තු සියයට 30 කින් වැඩි කිරීමට බලධාරීන් එකඟ වීම මත මෙම තීරණය ගත් බව එම සංගමයේ ප්‍රකාශයෙක් පැවසීය. ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණේ සියයට 40 (40%) කින් ප්‍රවාහන ගාස්තු වැඩි කරන ලෙසය. වැඩ වර්ජනය අවසන් කිරීමත් සමග ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව සංගමය පැවසීය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment