ආණ්ඩුවට විශ්වාසභංගයක් ජනපතිට දෝෂාභියෝගයක් සජබයෙන් හෙට මැති සබයට

226

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සහ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් වශයෙන් සමගි ජන බලවේගය විසින් හෙට (04දා) යෝජනා දෙකක් භාර දීමට ඊයේ (02) පැවැති එම පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය.

විශ්වාසභංග යෝජනාව සඳහා ඉදිරිපත් කෙරෙන අත්සන් ලේඛනයම දෝෂාභියෝගය සඳහා ද ඉදිරිපත් කෙරෙන බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර අද (03) තවත් විශේෂ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට ද එම පක්ෂය තීරණය කර ඇත. එහිදී රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සමගි ජන බලවේගය මන්ත්‍රීවරයකු යෝජනා කිරීමට ද පක්ෂය තීරණය කර තිබේ. ඒ සඳහා ඉදිරිපත් කරන්නේ කව්රුන්ද යන්න සම්බන්ධයෙන් ද අද වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර නියෝජ්‍ය කථානායකවරයකු තෝරා පත් කර ගැනීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ යුතු වුවද ආණ්ඩුව මෙතෙක් එය ඉටු කර නැතැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment