ප්‍රීමා පිටි මිල රු.40කින් ඉහළ නංවයි

140

ප්‍රීමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සඳහාත් අනෙකුත් ආහාර පිළියෙල කිරීම සඳහාත් යොදා ගන්නා තිරිඟු පිටි කිලෝවක් ඊයේ (19දා) සිට රු. 40 කින් ඉහළ දමන ලෙසට දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා භාවිත කරන මිල්ක් වර්ගයේ තිරිඟු පිටි කිලෝවක් රු. 243.50 කට අලෙවි නියෝජිතයන් විසින් බේකරි හිමියන්ට නිකුත් කරනු ලබයි.

තිරිඟු පිටි මිල වැඩිවීම සම්බන්ධයෙන් බේකරි හිමියන් කියා සිටින්නේ කිලෝ 50 ක තිරිඟු පිටි මිටියක් මිලදී ගැනීමට රු. දස දහසකට අධික මුදලක් පිරිවැයක් ලෙස දැරීමට සිදු වන බවත්, එයට සමගාමීව බේකරි නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය රැසකම මිල දිනෙන් දින වැඩිවීම නිසා මෙම කර්මාන්තය කඩා වැටීමේ දැඩි අවදානමකට ලක් වී ඇති බවත්ය. ග්‍රෑම් 450 ක් පාන් ගෙඩියක මිල ද යළිත් ඉහළ යෑම හමුවේ එයට සමගාමීව අනෙකුත් කෙටි කෑමවල මිල ඉහළ නැංවීමට සිදු වන බවත්, මෙසේ මිල වැඩි කිරීම හමුවේ පාරිභෝගිකයා දැඩි අසීරුතාවට පත් වී ඇති බවත් බේකරි හිමියෝ වැඩිදුරටත් කියා සිටිති.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment