කෙහෙළියට ඊයෙත් ඇප නෑ

104

ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඔහුගේ දියණිය විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන අයැදුම්පත, වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමකින් තොරවම කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් ඊයේ (03 දා) ප්‍රතික්‍ෂේප කරන ලදී.

වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කර එම ප්‍රතිශෝධන අයැදුම්පත සලකා බැලීමට තරම් ප්‍රමාණවත් කරුණු තම අධිකරණය හමුවට ඉදිරිපත් වී නොමැති බවට විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් විනිසුරුවරයා, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් එම නියෝගය කළේය. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝග ප්‍රතිශෝධනය කර සිය පියා ඇප මත මුදාහරින ලෙසට, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල ඉදිරිපත් කළ එම ප්‍රතිශෝධන අයැදුම්පත මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment