‘ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය – ‍ප්‍රේමසර ඈපාසිංහ ‘ ග්‍රන්ථය අද එළි දකී

111

ප්‍රකට ක්‍රීඩා විස්තර විචාරකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රේමසර ඈපාසිංහයන්ගේ දිවි සැරියේ රසාලිප්ත තොරතුරු ඇතුළත් “ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය – ප්‍රේමසර ඈපාසිංහ” ග්‍රන්ථය අද (06 වන දින) සවස 3.00ට නාලන්දා විද්‍යාලීය මලලසේකර ශාලාවේදී ප්‍රකාශයට පත්කෙරෙයි.

සුසර ප්‍රකාශනයක් වන මෙම ග්‍රන්ථය මාධ්‍යවේදී අතුල රංජිත් වෙදමේස්ත්‍රීගේ සම්පාදනයකි. මෙම ග්‍රන්ථය ජනගත කිරීම නාලන්දා විදුහල්පති ඉරාන් චම්පික සිල්වා මහතා ප්‍රමුඛ ආදි නාලන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අජිත් ගලප්පත්ති මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රේමසර ඈපාසිංහයන්ගේ දිවිය අළලා සැකසුණු වාර්තාමය චිත්‍රපටයක් ද එදින එළිදැක්වීමට නියමිතය. වසර 100 ක් සපුරන නාලන්දා විදුහල දේශ දේශාන්තරයන්හි රන් අකුරින් ලියවූ ආදි නාලන්දීයන් ඇගයීමේ ප්‍රථම පියවර වශයෙන් මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කෙරෙයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අතර ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment