බිරිඳගේ පිහි පහරින් බීමත් සැමියා මරුට

162

බිරිඳ සැමියාගේ මරුවාද වේ

නුවරඑළිය මාගස්තොට විජිතපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට සිය බිරිඳ විසින් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.

මෙසේ පිහි ඇනුමෙන් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බහිරදන් චන්ද්‍රසේකරන් (අවු:32) එක්දරු පියෙකි.

පෞද්ගලික ආයතනයක රැකියා නිරතව මොහොමඩ් නෞසර් ෆාතිමා රිස්වානා (අවු 32) නිවසට පැමිණෙන විට සිය ස්වාමිපුරුෂයා අධික ලෙස බීමතින් ඇති කරගත් බහින්බස් වීමක් දුරදිග යෑමෙන් උරණ වූ බිරිඳ සිය සැමියාට මෙලෙස නිවස තුළදී තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර ඇති බවට සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.

පිහි ඇනුම සිදුකළ බවට සැකකරන මියගිය පුද්ගලයාගේ බිරිඳ නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑලිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානය පරීක්ෂණයෙන් අනතුරුව දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකාර බිරිඳ අද (25දා) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඝාතනය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment