පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට තවම වීසා නැහැ

322

තව නොබෝ දිනකදී ඉන්දියාවේ දී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය සඳහා යන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට මෙතෙක් වීසා ලැබී නැත. ඉන්දියාවට යන අනෙක් සියලු කණ්ඩායම් සඳහා වීසා නිකුත්කර ඇතත් පාකිස්තානයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඊයේ වන විටත් වීසා නිකුත්කර නොතිබිණි.

පකිස්ථානයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මාර්ගගත අයැදුම්පත් ද්වාරය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය ආවරණය සඳහා යන මාධ්‍යවේදීන් සහ තරග නැරඹීමට යන රසිකයින්ට වීසා ලබා ගැනීමට ද අපොහොසත් වී ඇත.

ක්‍රීක්ඉන්ෆෝර් වෙබ් අඩවියට අනුව ඉන්දීය වීසා සඳහා ඉල්ලුම් කිරීම සතියකට පෙර සිදු කර ඇති බව වාර්තා වේ. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන්නේ අද මේ ගැටලුව විසඳනු ඇති බවයි.

රාවල්පින්ඩි-ඉස්ලාමාබාද් ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, ඉන්දියාවේ ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිළිගත් මාධ්‍යවේදීන් පවා මේ වීසා ගැටලුව නිසා දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment