රහස් ලියවිලි  නිවසට ගෙන  යෑම ගැන ට්‍රම්ප්ට  නඩු පවරන්න – හිටපු ආරක්‍ෂක ප්‍රධානියෙක්

263

ඇමරිකානු එෆ්බීඅයි පොලිසියේ විශාල කණ්ඩායමක් හිටපු ජනපති ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා මන්දිරයට කඩාපැන සේප්පුවද කඩා රහස් ලියවිලි පරීක්‍ෂා කර තිබේ. ධවල මන්දිරයේ සිට රහස් ලියවිලි රැසක් ට්‍රම්ගේ නිවසට ගෙන ගිය බවට ෆ්බීඅයි පොලිසියට තොරතුරු ලැබී ඇත. තමා ටෙක්සාස්හි සිටියදී මෙම කඩාවැදීම සිදුවී ඇති බව පවසන ට්‍රම්ප් එය ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරු යුගයක් බවත් මෙවන් දේ සිදුවන්නේ තෙවැනි ලෝකයේ රටවල බවත් පවසා තිබේ.

 ට්‍රම්ප්ගේ නිවසට කඩාවැදීමේ අනුමැතිය දී ඇත්තේ නීතිපති මෙරින් ගැලන්ට්ය.

 තම සේප්පුවේ රහස් ලියවිලි නැතිබව ට්‍රම්ප් පැවසුවත් එහි තිබූ ලියවිලි ඇතුළත් පෙට්ටි 15 ක් එෆ් අයි බී පොලිසිය ගෙන ගොස් ඇත. ඇමරිකානු රජය දැන් කටයුතු කරන්නේ තෙවැනි ලෝකයේ රටක් ලෙසට යැයි ට්‍රම්ප් තවදුරටත් පැවසීය.

 2024 දී තමා ජනාධිපතිවරණයට තරග කරන සිසා එය වැළැක්වීමට මෙම කඩා වැදීම සිදු කර ඇතැයි ට්‍රම්ප් පළ කළේය.

 ඇමරිකානු හිටපු ජනපතිවරයකුගේ නිවසක් පරීක්ෂාවට ලක් වූයේ මුල්වරටය. මේ අතර හිටපු ජනපති ට්‍රම්ප් රජය සතු රහස් ලියවිලි තම නිවසට ගෙන යෑම නිසා ඔහුට නඩු පවරන ලෙස හිටපු ආරක්‍ෂ ප්‍රධානියෙක් පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment