කොකා-කෝලා ශ්‍රී ලංකා විශාල ප්‍රමාණයේ ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් හඳුන්වා දෙයි

268
ලක්ෂාන් මදුරසිහ (කලාපීය ප්‍රධානී - පාරිභෝගික සේවා සහ සන්නිවේදන, තිරසාර සංවර්ධන - මාලදිවයින, නේපාලය හා භූතානය, කොකාකෝලා ශ්‍රී ලංකා) තමරී සේනානායක (අධ්‍යක්‍ෂ - සන්නිවේදන හා තිරසාර සංවර්ධන, කොකාකෝලා බෙවරේජස් ශ්‍රී ලංකා) දීපාක් සෙන්තිල් නාත් (කළමනාකාර අධ්‍යක්‍ෂ - කොකාකෝලා බෙවරේජස් ශ්‍රී ලංකා) පන්කජ් සින්හා (කළමනාකාර අධ්‍යක්‍ෂ - කොකාකෝලා ශ්‍රී ලංකා හා මාලදිවයින) අනෝජා රත්නසභාපති (දේශීය වෙළෙඳ ප්‍රධානී, කොකාකෝලා ශ්‍රී ලංකා හා මාලදිවයින) සාරා කාවුර් (අධ්‍යක්‍ෂ - සන්නිවේදන, කොකාකෝලා දකුණු සහ බටහිර ආසියාව) යන මහත්ම මහත්මීන් කොකා කෝලා ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් හඳුන්වා දුන් අයුරු. ඡායාරූපය - නිශාන් එස්. ප්‍රියන්ත

ප්‍රභාත් විතාන

කොකා කෝලා ශ්‍රී ලංකා විසින් “බිග් බඩී පැක්”ලෙස නම්කර ඇති විශාල ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් නව මුහුණුවරකින් සහ නැවුම් පෙනුමකින් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය.

කොකා-කෝලා වීදුරු බෝතලය ලෝකයේ වඩාත්ම ප්‍රචලිත හැඩයන්ගෙන් එකක් වන්නේ එහි ඇති සමෝච්ඡ දාර සහිත මුහුණුවර නිසාය. එය සම්භාව්‍ය නිර්මාණයයක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති අතර දශක ගණනාවක් තිස්සේ කලාව සංගීතය සහ වෙළෙඳ ප්‍රචාරණය තුළ මෙම හැඩය සමරනු ලබයි. සමෝච්ඡ හැඩැති බෝතලය සැමවිටම කොකා-කෝලා සමඟ සම්බන්ධ වන නමුත් සමාගම සිය පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා නව්‍යකරණයන් සහ පරිණාමය කිරීම දිගටම කරගෙන යයි.

සහසම්පූර්ණ බීම සමාගමක් ලෙස කොකා-කෝලා පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ජීවන රටාවට සහ අවස්ථාවට ගැලපෙන පරිදි ඇසුරුම්වල වර්ගය සහ ප්‍රමාණය තෝරාගැනීමේදී වැඩි පරාසයක් සපයයි. ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගාත්මක ආර්ථික වකවානුව අභියස LRGB “බිග් බඩී පැක්” මගින් පාරිභෝගිකයන්ට කොකා-කෝලාවල රසය දැරිය හැකි මිලකට සහ 0.75 ලීටර් ප්‍රමාණයකින් බිග් බඩී භුක්ති විඳීමට අවස්ථාව සලසයි. මෙම ඇසුරුම ප්‍රබෝධමත් කෝක් ෆැන්ටා හෝ ස්ප්‍රයිට් වීදුරු 04 ක් දක්වා සපයන බැවින් පවුලේ ආහාර වේල සඳහා පරිපූර්ණ සහකාරිය වනු ඇත. එය බස්නාහිර පළාතේ සහ ඉන් පසුව අනෙකුත් ප්‍රදේශවලදී ලබාගත හැකිය.

ශ්‍රී ලංකා හා මාලදිවයින යන රටවල්වල කොකා-කෝලාහි කළමනාකාර අධ්‍යක්‍ෂ පන්කජ් සින්හා මහතා ප්‍රකාශ කළේ කොකා-කෝලා සමාගමේ අරමුණ ලෝකය ප්‍රබෝධමත් කිරීම සහ වෙනසක් ඇති කිරීමයි. විවිධ පහසු ඇසුරුම් ප්‍රමාණ හරහා සීනි අඩු කළ හෝ රහිත විකල්ප ඇතුළු අර්ථවත් සන්නාම සහ රස කළඹක් ඔස්සේ අපි අපගේ පාරිභෝගිකයන්ට වගකිවයුතු තේරීම් පිරිනමන්නෙමු. මිලිලීටර් 750 බිග් බඩී ඇසුරුම සමාගමේ අරමුණ ශ්‍රී ලංකාව තුළ ජීවමාන කිරීමේ තවත් ප්‍රධාන පියවරකි. මෙවන් දුෂ්කර කාලවකවානුවකදී මෙම ඇසුරුම දැරිය හැකි මිලකට පාරිභෝගිකයාට ලබාදෙන ගමන්ම අද්විතීය නැවත පිරවිය හැකි වීදුරු බෝතලයක් කඩදාසි ලේබල් සහ ඇලුමිනියම් මූඩියක් යන නව්‍යකරණයන් මගින්ද වෙනසක් ඇති කරයි. බිග් බඩි බෝතලය මගින් කොකා-කෝලා පාරිභෝගිකයන්ට විශේෂයෙන්ම වීදුරු බෝතල්වල කෝක් රස විඳිමින් හැදී වැඩුණු සහස්‍ර පරම්පරාවන්ට මතක මං තීරුවේ සංචාරය කර නැවත වරක් මෙම අද්විතීය වීදුරු බෝතල් අත්දැකීමේ අත්විඳීමට මෙම බෝතලය ඉඩ සලසයි. තරුණ පරම්පරාවන් සඳහා එය ඔවුන්ගේ ප්‍රියතම ප්‍රබෝධමත් පානය භුක්ති විඳීමේ නව ක්‍රමයක් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment