ඩොලරය රු 370 ට නගී

179

වාණිජ බැංකු විසින් ඊයේ (04දා) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඊයේ වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු 370 ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිල විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඉකුත් සිකුරාදා (29දා) වාර්තා වූ රු 359.95 සිට ඊයේ දිනයේදී රු. 362.99 දක්වා තවත් රු. 3.00 කින් ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ද ඉකුත් සිකුරාදා වාර්තා වූ රු 347.05 සිට ඊයේ දිනයේදී රු. 350.05 දක්වා ද ඉහළ ගොස් තිබේ.

පසුගිය සිකුරාදා, (29) පැවැති මහ බැංකු මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ඉතා ඉක්මණින් විදේශ විනිමය අනුපාතය ස්ථාවර වනු ඇති බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment