Cargills Retail නොකඩවා තෙවැනි වරටත් 2024 SLIM-Kantar People’s Awards හි වසරේ කීර්තිමත් සුපිරි වෙළඳසැල් සන්නාමය ලෙසින් පිදුම් ලැබීය.

මීට වසර 41 කට පෙර, එනම් වර්ෂ 1983 දී පාරිභෝගිකයින් වෙනුවෙන් විවර කළ Cargills Retail, ශ්‍රී ලංකාවේ විශාලතම සහ පුළුල්ම සිල්ලර අළෙවිකරු (සුපිරි වෙළඳසැල් දාමය) බවට පත්වී ඇත.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් පුරාම විහිදී පවතින එකම පුද්ගලික වෙළෙඳසැල් ජාලය වන්නේද Cargills Retail වන අතර පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට ඉහළම ගුණාත්මක නිෂ්පාදන ලබාගැනීමේ හැකියාව සහතික කරමින්, රටේ සියලු‍ ප්‍රජාවන් කරා භාණ්ඩ මිල දී ගැනීමේ පහසුව රැගෙන යාම එහි මෙහෙවර වේ.

එමෙන්ම අප රටේ ගොවීන් සමගින් සෘජු සම්බන්ධතාවන් ගොඩනගමින්, නිර්මාණය කළ තිරසාර දාම ආකෘතිය මගින් පාරිභෝගිකයාට සහ ගොවියාට එකසේ ප්‍රතිලාභ ගෙන දෙන්නටත් Cargills පුරෝගාමී විය. තවද ග්‍රාමීය තරුණ පරපුර වෙත රැකියා අවස්ථාවන් උදාකළ ප්‍රමුඛතම සමාගමක් වශයෙන්, සිය අභ්‍යන්තර පුහුණු ඇකඩමිය වන Albert A. Page Institute හරහා වෘත්තිකයන්ට අවශ්‍ය ඉගෙනීමේ සහ සංවර්ධනය වීමේ අවස්ථා ලබාදෙයි.

රට පුරා අලෙවිසැල් 527කින් සමන්විත Cargills වෙළෙඳ ජාලය සිය Cargills Online අන්තර්ජාල පිවිසුම හරහා මාර්ගගත ඇණවුම් මෙහෙයවනු ලබයි. Cargills Food City යටතේ විශාල සුපිරි වෙළෙඳසැල්ද, Cargills Express යටතේ convenience stores සහ Cargills FoodHall යටතේ Gourmet සුපිරි වෙළෙඳසැල්ද යනාදී වශයෙන් අකෘති 03ක් යටතේ Cargills වෙළෙඳ ජාලය ව්‍යාප්තඅ වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment