වැරැදි පාරේ ගිය හදවත් රෝගී සීයාට  හෙදියගේ දැනුම්දීමෙන් වැඩේ වැරැදිලා

286

තම 15 හැවිරිදි මිනිපිරිය අපයෝජනය කළ හදවත් රෝගී පුද්ගලයකු පෙරේදා (20 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ පදිංචි හැට හත් හැවිරිදි පුද්ගලයෙකි.

වින්දිත දැරිය ආසාදන තත්ත්වය හේතුවෙන්, අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර හෙදියක විසින් කළ දැනුම් දීමක් මත මෙම අපයෝජන සිද්ධිය අනාවරණය වූ බව පොලිසිය කියයි.

2021 වසරේ පාසල් නිවාඩු කාලයේ දිනයක නිවසේ නිදා සිටියදී සීයාගෙන් තමාට හිරිහැරයක් සිදුවූ බවට දැරිය සිදුකළ ප්‍රකාශවලට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකාර සීයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීහු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගනු ලැබූහ.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment