මෙරට සිටින යුක්රේන ජාතිකයන් ගැන තීරණය අද

203

මෙරට රැඳී සිටින යුක්රේන ජාතිකයන් 3993 දෙනා සම්බන්ධයෙන් අද (28 දා) තීරණයක් ගැනීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව අද (28 දා) සාකච්ඡුාවක් පවත්වන බවත්, එහිදී යම් එකඟතාවකට පැමිණිය හැකි බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය ඊයේ (27 දා) පැවසුවාය.

මෙම සාකච්ඡුාවේදී යුක්රේන ජාතිකයන් ඊට ආසන්න රටකට යවා මවු රටට යවනවාද තවදුරටත් මෙරට රැුඳී සිටීමට වීසා දික්කරනවාද යන්න සාකච්ඡුා කිරීමට නියමිත බව ද ඇය කීවාය.

වැඩි වශයෙන් දකුණු පළාත කේන්ද්‍ර කරගෙන යුක්රේන ජාතිකයන් රැුඳී සිටින බවත්, ඔවුන්ට ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් සපයන ලෙසට මේ වන විටත් එම ප‍්‍රදේශවල පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවත් ඇය කීවාය.

මෙරට රැුඳී සිටින යුක්රේන ජාතිකයන්ගෙන් ආසන්න රටකට ගොස් මවුරටට යෑමට කැමති අය සම්බන්ධයෙන් මේ වන විට විමසීමක් කර ඇතැයි ද විජේසිංහ මහත්මිය පැවසුවාය. මේ අතර මේ වන විට රුසියානු ජාතිකයෝ 11,663 ක් ද මෙරට රැුඳී සිටිති.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment