මාළිගාකන්ද වැඩ බලන මහෙස්ත්‍රාත්වරියට එරෙහිව විමර්ශනයක්

1286

නේවාසික ප්‍රතිකාර ලබාගත් කාන්තාවකට ලබාදුන් ඖෂධ වෙනුවෙන් ඉතා අධික මිලක් අයකිරීමේ සිද්ධියකට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පවරා තිබූ නඩුවක සැකකාර රෝහල් අධ්‍යක්‍ෂවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයකු ඉතා සුළු දඩ මුදලක් නියම කර නීති විරෝධී අන්දමින් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන නිල නොලත් මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ නීතිඥවරියට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය නොකළ බවට ලැබුණු පැමිණිල්ලක් මත නීතිඥ හිමාලි ඒකනායක මහත්මියට එරෙහිව එම විමර්ශන ආරම්භ කොට ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර මහතා විසින් 2023.12.15 වැනිදා නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්‍ෂ මණ්ඩලයට හා කාර්ය මණ්ඩලයේ කීපදෙනකුට එරෙහිව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ එම නඩුව පවරා තිබිණි. එම නඩුව සලකා බැලූ මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය රෝහල් අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු සැකකරුවන්ට 2024.01.23 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment