ජගත් මාධ්‍ය සංසදයේ කාන්තා දින සැමරුම් උළෙල හෙට ගුවන්විදුලියේ

28

ජාත්‍යන්තර මාධ්‍ය සංසදය (ශ්‍රී ලංකා) සංවිධානය කරන ‘ලොව දිනන ඇය’ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන හෙට (12 වැනිදා) පෙරවරු 9.00ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී උත්සවාකාරයෙන් පැවැත්වේ.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේදී ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක වන සුමනා ජයතිලක, ප්‍රවීණ රූපවාහිනි නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය, ප්‍රවීණ පුවත්පත් ලේඛිකා කරුණා පෙරේරා යන මහත්මීන් හට සම්මාන ප්‍රදානය කිරීමට නියමිතය.

ලෝකයේ ප්‍රබලතම කාන්තාවන් සියදෙනා අතර සිටින එවරස්ට් කන්ද තරණය කළ ජයන්ති කුරුඋතුම්පාල, රාජගිරිය බෝම්බ පිපිරීමෙන් දෑස් පෙනීම අහිමි වූ ආශ්චර්යා ජයකොඩි යන මහත්මීහු විශේෂ දෙසුම් පවත්වති.

මෙහිදී ස්වයං රැකියාලාභීන් 50 දෙනකුට උපකරණ හා තිළිණ ලබාදීමට ද නියමිතය.

ජාත්‍යන්තර මාධ්‍ය සංසදයේ සභාපතිනි, ප්‍රවීණ මාධ්‍යවේදිනී සුධර්මා කුලතුංග මෙනෙවිය ඇතුළු සංසදය සංවිධානය කරන මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඇතුළු විවිධ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීනියෝ රැසක් සහභාගි වෙති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment