හෙද පුහුණුවට ඇවිත් මුදල් සොරකම් කරයි

217


වත්තල පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදි පුහුණුව ලබමින් සිටි තරුණියක් තමන්ට පුහුණුව ලබා දෙමින් සිටි ජේෂ්‍යඨ හෙදියකගේ ඒ.ටී.එම් කාඩිපත සොරා ගෙන එම ගිණුමින් රුපියල් එක් ලක්ෂ 17,500 මුදලක් වංචා සහගත ලෙස ලබා ගත්තේයැයි සැකපිට අත් අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි කාරියක් වන 22 හැවිරිදි සැකකාරිය මිට මාස පහකට පමන පෙර පැමින රෝහල් නේවාසිකාගාරයේ නැවති හෙදියක ලෙස වැඩ පුහුනු වෙමින් සිට ඇත.එම නේවාසිකාගාරයේම නැවති සිටි අදාල ජේෂ්‍යඨ හෙදිය විසින් තම ගිනුමේ මුදල් හිටි හැටියේ අඩුවිම පිළිබදව පොලිසියට පැමිණිළි කොට තිබේ. අනතුරුව පොලිසිය නේවාසිකාගාරයට පැමිණ එහි නේවාසිකව රැදි සිටි අයගෙන් ප්‍රශ්න කිරිමෙන් අනතුරුව සැකකාරිය අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකකාරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය සතුව තිබි වාංචනික ලෙස ලබාගත් බවට සැක කෙරෙන රුපියල් එක් ලත්ෂ 15,000 මුදලක්ද පොලිස් භාරයටගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment