ඉන්දීයාවෙන් රුපියල් කෝටි 300ක මානුෂීය ආධාර

166


ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ළඟා වූ ශ්‍රී ලංකා රුපියල් කෝටි 300ක් පමණ වටිනා සහල් මෙට්‍රික් ටොන් 14,700ක්, කිරි පිටි මෙට්‍රික් ටොන් 250ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 38ක් ඇතුළත් මානුෂීය ආධාර තොගයක් අද කොළඹ දී
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, වී. රාධක්‍රිෂ්ණන්, එම්. උදය කුමාර්, අංගජන් රාමනාදන් යන මහත්වරුන් සහ සෙන්තිල් තොණ්ඩමාන් මහතා ඇතුළු පිරිසක් වෙත භාරදුන්නේය.
මෙය තමිල් නාඩු රජය විසින් ලබා දීමට පොරොන්දු වී ඇති සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, කිරි පිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ‍ඖෂධ ඇතුළත් මානුෂීය ආධාරයේ දෙවන තොගය මෙයයි.

advertistmentadvertistment
advertistmentadvertistment