රනිල් ජනපති සටනට එනවා – රංගේ කියයි

226

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වන බව එම පක්‍ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (01 දා) පැවසීය.

දැනට රටේ සිටින නායකයන් අතරින් ජාත්‍යන්තරය පිළිගන්නා, අත්දැකීම් ඇති බියක් සැකක් නැතිව තීරණ ගන්නා, නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද සිරිකොත මූලස්ථානයේ ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

ජනාධිපතිවරයා ගත් තීරණ ක්‍රියාත්මක වීම නිසා වසර 25 කට පසු රටේ ජාතික ආදායම වැඩිවී ඇති බවත් ඉන් ජනතාවට සහන ලබාදිය හැකි බවත් හෙතෙම කීය.

ජනතාව පෝලීම්වල සිටියදී රට භාර ගන්නා ලෙස ඉල්ලීම් කරද්දී පැන ගොස් නැවත රටේ බලය ඉල්ලා විවිධ දේ ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යැවීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment