ඇමෙරිකානු ධූත පිරිසක් ඉන්දියාවේ දින අටක නිල සංචාරයක

172


ඉන්දියාව සමග වෙළෙඳ,ආර්ථික සහ ආරක්ෂක සබඳතා වර්ධනය කරගැනීම සඳහා ඇමෙරිකානු දූත පිරිසක් මෙම මස 30 වැනිදා සිට සැප්තැම්බර් 06 වැනිදා දක්වා දින අටක නිල සංචාරයක නිරතවෙති.මෙම ඇමෙරිකානු දූත පිරිසෙහි නායකත්වය සෙනට් සභික ජෝන් ඔසෝෆ්ට හිමිව ඇත.35 හැවිරිදි ඔහු සෙනට් සභිකයෙකු ලෙස වසර 30ක් ඇමෙරිකානු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.මෙම ඇමෙරිකානු ධූත පිරිස මෙම මස 30 වැනිදා මුම්බායි නුවරට පැමිණෙන අතර ඉන් පසු ඔවුහු නව දිල්ලි නුවර බලා පිටත්ව යති. ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ආර්ථික,විද්‍යාත්මක,සංස්කෘතිත සහ ආරක්ෂක සබඳතා තරකරගැනීම සම්බන්ධව මෙම සංචාරයේදී දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වෙන බවද මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment