ජනපති සටනේදී…. – පොහොට්ටුවේ නව සන්ධානයේ සහාය රනිල්ට

626

නිමල් ලන්සා, අනුර යාපා, පියංකර මෙහෙයුම් අරඹති

නව සන්ධානයේ මෙහෙයුම් අපි ආරම්භ කළා. ජනාධිපතිවරණයේදී අපගේ කණ්ඩායම ජනාධිපතිතුමාට සහාය දක්වන්න ශක්තිමත් කණ්ඩායමක් ලෙස වැඩ කරනවා. අපි වැඩ කරපු හැම තැනම අපි දිනුවා.

පොදු ජන පෙරමුණෙන් තරග කර අද එම පෙරමුණ නියෝජනය නොකරන 7 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයද සමගින් දැවැන්ත සන්ධානයක් ඉදිරියේදී අපි හදනවා’ යැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතා පැවැසීය.
චමින්ද සිල්වා


ජනාධිපතිවරණයේදී රනිල් දිනවන ශක්තිමත් කණ්ඩායම නව සන්ධානයයි
– පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග හිටගන්නේ නැහැ

ජනපති සටනේදී…. - පොහොට්ටුවේ නව සන්ධානයේ සහාය රනිල්ට

නව සන්ධානයේ මෙහෙයුම් අපි ආරම්භ කළා. ජනාධිපතිවරණයේදී අපගේ කණ්ඩායම ජනාධිපතිතුමාට සහය දක්වන්න ශක්තිමත් කණ්ඩායමක් ලෙස වැඩ කරනවා. අපි වැඩ කරපු හැම තැනම අපි දිනුවා. පොදු ජන පෙරමුණෙන් තරග කර අද එම පෙරමුණ නියෝජනය නොකරන 71 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයද සමගින් දැවැන්ත සන්ධානයක් ඉදිරියේදී අපි හදනවා’ යැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතා පැවැසීය.

2024 ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන නව සන්ධානය සිය මෙහෙයුම් ආරම්භ කිරීම නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සහ නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින රාජගිරිය නව සන්ධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා මෙසේ පැවසීය.

මේවර්ෂයේ අනිවාර්යෙන් මැතිවරණයක් පැවැත්විය යුතු අතර එය ජනාධිපතිවරණය විය යුතුයි කියලා විශ්වාස කරනවා. ජනාධිපතිතුමාට අවශ්‍ය නම් පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණය වුණත් පවත්වන්න පුලු‍වන්. විපක්ෂයේ මතය පාර්ලිමේන්තු මැතිවරණය කැඳවයි කියලා. මගේ මතය වන්නේ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය කැඳවයි කියන එකයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරලා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය නොකරන සහ අනෙකුත් දේශපාලන පක්ෂ එක්ක තරග කරලා ඒවා නියෝජනය නොකරන 71 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. 71 දෙනාම දැනට ඒ පක්ෂ නියෝජනය කරන්නේ නැහැ. ඒ 71 දෙනා නියෝජනය කරමින් තමා නව සන්ධානය බිහි කරන්න පාර්ලිමේන්තුව තුළ නව කතිකාවක් ආරම්භ කළේ. අපිට පුලු‍වන් වෙනවා පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජනය කරන, ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම පක්ෂ සහිත සන්ධානය හදන්න.

අද ඉදන් නව සන්ධානයේ දේශපාලන මෙහෙයුම් කටයුතු සක්‍රීයව ආරම්භ කරනවා. ජනාධිපතවරණයේදී අපගේ කණ්ඩායම පුළුල් කණ්ඩායමක් ලෙස ජනාධිපතිතුමාට සහය දක්වන්න, ශක්තිමත් කණ්ඩායමක් විදියට වැඩ කරනවා. අපි වැඩ කරපු හැම තැනම ජයග්‍රහණය කළා. අපි කරන්න එපා කියපු දේවල් කරන්න ගිහින් සමහර නායකයන්ට පරාජය වැලඳගන්න සිදුවුණා. අපි කියපු දේවල් කරපු අය ක්‍රමක් ක්‍රමයෙන් උඩට ආවා. සත්‍ය අසත්‍ය ජනතාවට ඉදිරිපත් කරන, ඇත්ත බොරුව අතර මැතිවරණයක් එනවා. ඕනෑම පක්ෂයකට අරවා දෙනවා, මේවා දෙනවා කියලා කියන්න පුලු‍වන්. හැබැයි කරන්න බැහැ. සල්ලි ගස්වලින් කඩන්නත් බැහැ. මවන්නත් බැහැ. අද ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා. මිනිස්සු බනිනවා කියලා ජනාධිපතිතුමත්, ආණ්ඩුවත් දන්නවා.

අපි පැහැදිලිව කියන්න ඕනේ මේ සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක හිටගන්නේ නැහැ. බදු අඩුකරද්දි කිව්වා අඩු කරන්න එපා කියලා. පොහොර එක නවත්තන්න එපා කිව්වා. කොරෝනා කාලේ කිව්ව රට ඔය විදිහට වහන්න එපා කියලා. ඒ එකක්වත් ඇහැව්වේ නැහැ. වියත්තු කියලා කොටසක් ඇවිල්ලා, දැන් සජිත් මහත්තයට උපදෙස් දෙන්නේ ඒ වියතා තමා. ගෝඨාභය මහත්තයගේ දකුණු අත වගේ හිටියේ නාලක ගොඩහේවා මහතා. එතුමා තමා බදු අඩු කරන්න උපදෙස් දුන්නේ. පොහොර ප්‍රශ්නය දොස්තර මහත්තයා. දේශපාලනඥයෝ නෙමේ මේ දේවල් කළේ. අපි බැනුම් ඇහැව්වට ගුටි කෑවට එකක්වත් අපි කළේ නැහැ.

එහිදී අදහස් දැක්වූ නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා

අපිත් එක්ක විශ්වාසයෙන් හිටපු අය දාලා කොහෙවත් යන්න බැහැ කියලා විශ්වාස කළා. ඒක තමා අපේ පදනම. ආර්ථිකය හදන්නේ නැතිව රටක් සන්සුන් කරන්න බැහැ. මේ තර්කය මම හැමදාම ගේනාවා. හැමදාම කිව්වා මේ යන ගමන් මාර්ගය භයානකයි කියලා. අන්තිමට අපි භයානක තැනකට වැටුනා. ජනතාවගේ විශාල උද්ඝෝෂණ මැද්දේ, ගැටුම්කාරී තත්ත්වයන් මැද්දේ තමයි හිටපු ජනාධිපතිතුමාට පස්ස දොරෙන් යන්න වුනේ. ලංකාවේ කවදාවත් නොවුනු දෙයක්. ලංකාවේ දුර්වල ආණ්ඩු තිබිලා තියෙනවා. මේ නිසා තමා අපි විශ්වාස කළේ අපේ පක්ෂයේ ඉන්න, ආණ්ඩු පක්ෂයේ ඉන්න, විපක්ෂයේ ඉන්න, ස්වාධීන වෙලා ඉන්න කණ්ඩායම් එක්ක කතා කරලා අලු‍ත් දේශපාලන මාවතක් විවර කරගමු කියලා. අපේ උදවියට නායකත්වයක් දෙන්න ඒ කාරණය පමණයි අපි කරන්නේ. එහෙම නැතිව සුපුරුදු පරිදි නායකත්ව වන්දනාවේ කවුරුත් යන්න ඕනේ නැහැ. නායකයෝ නිර්මාණය කරන්න ඕනෙත් නැහැ. ඒක අපි නොකළ යුතුයි. අපි විශ්වාස කරනවා මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාව සමග ගැවසෙන පුද්ගලයින් බවට පත් කරන්න ඕනේ කියලා. වෘත්තීය සමිති වලට නායකත්වය දෙන්න ඕනේ, ආයතනත් ආරක්ෂා කරන වෘත්තීය සමිති ව්‍යාපාරයක් නැවත බිහි කරන්න.

කවුරු ජනාධිපති අපේක්ෂකයා වුනත් ඒ හැම කෙනාම අපේ ආර්ථික ප්‍රතිපත්තිය නව වැඩපිළිවෙලක් සහිතව ඉදිරිපත් කරන්න ඕනේ. වගකීමක් අපි භාර ගන්නේ වගකීම ඉටු කරන්න විතරයි. අපි අද මේ කරන්නේ අපේ දේශපාලන මතය ඉදිරියට ගෙනියන වැඩපිළිවෙලක්. අපේ අදහස කියන එක. මම හිත්නනේ නැහැ අපි කාටවත් යටත් විය යුතුයි කියලා. අපි ස්වාධීන ලෙස අපේ අදහස ඉදිරිපත් කරලා, ඒ අදහසත් එක්ක ⁣ගොනුවෙන අය සමග එකඟතාවක් නිර්මාණය කරමින් ඉන්නේ කියලා විශ්වාස කරනවා. මෙන්න මේ නිසා අපි එකතු වෙනවා.

මෙම අවස්ථාවට නව සන්ධාන මෙහෙයුම් කාර්යාල ප්‍රධානී සිරිපාල අමරසිංහ, වෘත්තීය සමිති ප්‍රධානීන් ඇතුලු‍ සහය දක්වන පක්ෂ රැසක නියෝජිතයින් සහභාගී වී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment