මාස තුනක් ඇතුළත උ. පෙළ ප‍්‍රතිඵල දෙනවා

230

ශිෂ්‍යත්ව ප‍්‍රතිඵලත් අවසන් අදියරේ

විභාග කොමසාරිස් ජනරාල්


පැවැති උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල මාස තුනක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා ඊයේ (06 දා) පැවසීය.

2021 අගෝස්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කොවිඞ් වසංගතය හේතුවෙන් කල්දමා පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ කර මාර්තු 05 වැනිදා සාර්ථකව අවසන් කිරීමට හැකිවූ බවත් විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ (06 දා* පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

අද සිට පාසල් ආරම්භ කළද උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා කොළඹ රාජකීය, කෑගලූ විiාලය, මහනුවර කිංස්වුඞ්, මහනුවර සීතා දේවි බාලිකා, ගාල්ල විiාලෝක, බදුල්ල ඌව, රත්නපුර ෆර්ගියුසන් යන විiාල ලබන 12 වැනිදා තෙක් වසා තැබෙන බව ද ඒ මහතා කීය.

කොරෝනා වැළඳුනු සිසුන් 284 දෙනකු උසස් පෙළ විභාගයට පෙනී සිටියත් ඔවුන්ට කිසිදු ගැටලූවකින් තොරව විභාගය අවසන් කිරීමට හැකිවූ බව ද ධර්මසේන මහතා කීය.

ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ද කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත්, එය අවසන් අදියරේ පවතින බවත් ධර්මසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment