අල්ලස් කොමිසම මුල් අවුරුදු පහට නඩු 413 ක් දැම්මා – කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්

67

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර පළමු වසර පහේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ නඩු 413 ක් පවරා ඇතැයි එම කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් එස්. ජයසිංහ මහත්මිය කියා සිටියාය.

එම කොමිසම 1994 දෙසැම්බර් 15 දින ආරම්භ කර මුල් වසර 05 තුළ පවරා ඇත්තේ එක නඩුවක් යන්න හෙළිවී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා කර තිබූ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් ජයසිංහ මහත්මිය එසේ ප්‍රකාශ කර සිටියාය.

ඇමැතිවරයාගේ ප්‍රකාශය සමහර කොමිෂන් සභා සුදු අලි යන සිරස්තලය යටතේ 2023 අප්‍රේල් 08 වැනිදා දිවයින පුවත්පතේ පළකර තිබුණි. එය වගකීම් විරහිත ප්‍රකාශයක් යැයි කොමිෂන් සභාව වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් ඇය කියා සිටියාය. කොමිසම මුල් වසර පහෙන් පසුවද නඩු රැසක් පවරා ඇති බවත් 2015 පසුව එය තවත් වැඩිවී ඇති බවත් ඇය කීවාය. ඒ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබාදිය හැකි බවද ඇය කියා සිටියාය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment