දියවන්නාවේ ඇල්ගී පාලනයට මිලියන 50ක්

120

දියවන්නා ජලාශයේ ඇල්ගී වැළැක්වීමට මෙම වසරට රුපියල් මිලියන 50ක් වෙන් කර ඇත.

එම ජලාශයේ මඩ තැම්පත්වීම ඉහළයාමත්, අධික ලෙස පොස්පරස් හා නයිට්‍රජන් එකත්වීම නිසා ඇල්ගී වර්ධනය සිදුවන අතර එම ඇල්ගී වර්ධනය වීම පාලනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය , මධ්‍යම පරිසර අධිකාරිය , නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසකින් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇත.
ඒ අනුව දියවන්නා ජලාශයේ ඇල්ගී වර්ධනය පාලනය සඳහා 2022 වසර සඳහා පරිසර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සුරකිමු ගංගා වැඩ පිළිවෙළ යටතේ රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment