වගා ආයෝජන ගැන මහ බැංකුවෙන් පරීක්ෂණ

45

ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණිලි ලැබී ඇති වගා ආයෝජන සමාගම් 15ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂ චනුරි ජයසිංහ මහත්මිය පැවසුවාය.

මහ බැංකුවේ ඊයේ (07දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කීවාය.

එම ආයතන මහජන තැන්පතු භාර ගත්තේ ද යන කාරණය ගැන සාක්ෂි සාධක එකතු කිරීමට මහ බැංකුව කටයුතු කරගෙන යන බවත් ඒ සම්බන්ධයෙන් ඔප්පු කළ හැකි සාක්ෂි ලැබුණු විට එම ආයතන සම්බන්ධයෙන් නීතිමය කටයුතු සඳහා යොමු කරන බවත් ඇය කියා සිටියාය.

මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ මහ බැංකුවේ බලපත්‍රයක් නැතිව තැන්පත් රැස් කිරීම නීති විරෝධී බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment