වී ගොවියට ආණ්ඩුවෙන් සාධාරණයක් නෑ

151

නාඩුවල සහතික මිල රු. 105යි

වෙළෙන්දෝ ගන්නේ 95ටයි

අතරමැදියන් සහ මෝල් හිමියන් ශක්තිමත් කිරීමෙන් ගොවීන් වගාව අතහරිනවා – නුවර වැව ඒකාබද්ධ ගොවි සංවිධානය

රජයේ වැඩපිළිවෙළ ගොවියාගේ අතමිට සරු කරනවා වෙනුවට අතරමැදි වෙළෙඳුන් සහ මෝල් හිමියන් ශක්තිමත් කිරීමයි. එමෙන්ම වගා භූමි පෞද්ගලික සමාගම්වලට විකුණා දැමීමට පසුබිම සැකසීමත් රජයේ වැඩපිළිවෙළ බව නුවර වැව ඒකාබද්ධ ගොවි සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් කියයි.

වී ගොවියට ආණ්ඩුවෙන් සාධාරණයක් නෑ
නුවරවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පූජ්‍ය රත්ගම සමිත හිමි

එසේම වී සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවීන් සිය වගා කටයුතුවලින් ඉවත් වීමේ අවදානමක්ද පවතින බව නුවරවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පූජ්‍ය රත්ගම සමිත හිමි සඳහන් කළහ.

වී වගාවේදී අක්කරයක් කරන්න රුපියල් එක්ලක්ෂ විසිදහසක්, එක්ලක්ෂ තිස්දහසක් වැනි මුදලක් වැය කිරීමට සිදු වෙනවා. නාඩු සහල් කිලෝ එකක් රුපියල් එකසිය පහකට රජය විසින් මිල සහතික කර තිබුණද, මෙතෙක් රජය විසින් වී මිලදී ගැනීමක් සිදු නොකරන බැවින් රුපියල් අනූපහකට වැනි ඉතා අඩු මිලකට පෞද්ගලික වෙළෙඳුන්ට වී අලෙවි කිරීමට ගොවියාට සිදුව ඇති බව සභාපති හිමි පැවසූහ.

මේ වනවිට වී අස්වැන්න නෙළා ගැනීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සඳහා වියදම් දැරීමට ගොවියාට ආර්ථික තත්ත්වයක් නෑ.

ඔවුන් අසරණ වෙලා. මෙම අසරණ තත්ත්වයෙන් මුදවා ගැනීමට වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙළක් මෙන්ම වගාව ආරම්භයේ සිට අවශ්‍ය පහසුකම් ලබාදීමට ගොවි ජනතාව වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි උන්වහන්සේ රජයෙන් ඉල්ලීමක් කරයි. කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් වී සඳහා මිලක් නියම කළද ගොවියාගෙන් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකොට එය මෝල් හිමියන් හරහා ක්‍රියාත්මක කිරීම තුළින් වී ගොවියාට සාධාරණයක් ඉටුනොවන බව නුවරවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවි මහතුන් පවසයි.

වී ගොවියට ආණ්ඩුවෙන් සාධාරණයක් නෑ
අනුරාධපුර නුවර වැව යටතේ අස්වද්දනු ලැබූ කුඹුරු යායකදී පවත්වනු ලැබූ මාධ්‍ය හමුව

ප්‍රභාත් වනසිංහ – නාච්චාදූව

advertistmentadvertistment
advertistmentadvertistment