එයාර්ටෙල්, ගාල්ල තාක්ෂණික විද්‍යාලය සමඟ අත්වැල් බැඳ ගනී

74

ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා තාක්ෂණික හා අන්තර් පුද්ගල කුසලතාවන් යන දෙඅංශය සංවර්ධනය කිරීමට සහ නව පරම්පරාවේ තාක්ෂණික විශේෂඥයින්ට හා ව්‍යවසායකයින්ට ඒ පිළිබඳ දැනුම වැඩිදියුණු කර ගැනීමට සහාය දැක්වීම සඳහා ගාල්ල තාක්ෂණ විද්‍යාලය (COT, Galle) සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

මෙම හවුල්කාරීත්වය හරහා එයාර්ටෙල් ලංකා විසින් ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම්වල සිසු සිසුවියන් 30 දෙනෙකුට ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කර ගැනීමට හා පුහුණුවීම් කිරීමට ප්‍රවේශය මෙන්ම නව පරිගණක හා අවශ්‍ය උපකරණ ද ලබා දෙනු ඇත. එමෙන්ම එහි අවසන් වසරේ ඉගෙනුම ලබන විශිෂ්ටතම සහ දීප්තිමත් සිසු සිසුවියන් සඳහා මාස 6-12 ක් දක්වා වැටුප් සහිත සීමාවාසික වැඩසටහනක් හඳුන්වා දීම හරහා එයාර්ටෙල් ඔවුන්ට සැබෑ ලෝකය පිළිබඳ අත්දැකීමක් ද ලබා දෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ “ලෝකයේ බොහෝ රටවල් මෙන් ශ්‍රී ලංකාව ද දැඩි ආර්ථික අවිනිශ්චිතතාවකට මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසා මෙවැනි අවස්ථාවලදී සියලු‍ම ආයතන එක්ව ඵලදායිතාවය ඉහළ නැංවීමට සහ දියුණු වීම සඳහා නව අවස්ථා විවිර කර ගැනීම සඳහා පෙළ ගැසිය යුතුයි- මෙම තත්වයෙන් නැවත යථා තත්වයට පත් වීමේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ජංගම විදුලි සංදේශ සේවා අංශයට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව අපි විශ්වාස කරනවා-” යනුවෙනි-

advertistmentadvertistment
advertistmentadvertistment