අමානා බැංකුවේ නුමෙයිර් කාසිම් බැංකු ප්‍රධාන අභ්‍යන්තර විගණක නිලධාරීන්ගේ සංසදයේ අභිනව සභාපති ධූරයට

29

අමානා බැංකුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී නුමෙයිර් කාසිම් මහතා, බැංකු ප්‍රධාන අභ්‍යන්තර විගණක නිලධාරීන්ගේ සංසදයේ (Chief Internal Auditor’s Forum of Banks) සභාපති ධූරයට පත් වී තිබේ.

පසුගියදා පැවති එම සංවිධානයේ නව කමිටු සමාරම්භයේදී මෙම පත්වීම සිදුකරන ලද අතර, නුමෙයිර් කාසිම් මහතාගේ විශිෂ්ට නායකත්ව කුසලතා සහ බැංකුකරණ හා විගණන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔහු සතු පුළුල් දැනුම හා පළපුරුද්ද ඊට හේතු වී ඇත.

ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල වෘත්තිකයෙකු ලෙස නුමෙයිර් කාසිම් මහතා 2017 වසරේ සිට අමානා බැංකුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී ලෙස සේවය කරයි. අමානා බැංකුවේ සහකාර සභාපති (අභ්‍යන්තර විගණන) සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අභ්‍යන්තර විගණන) යන තනතුරු හෙබවූ එතුමා අමානා බැංකුව සමග එක්වීමට පෙර Abu Dhabi Islamic Bank හි ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක සහ National Bank Abu Dhabi හි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී ලෙසද කටයුතු කර ඇත. තවද කළමනාකරණ ගණකාධිකරණය සම්බන්ධයෙන් වරලත් කළමනාකරණ ගණකාධිකාරී සුදුසුකම (CIMA) ඇතුළුව අභ්‍යන්තර විගණන නිලධාරී ආයතනයේ ශ්‍රී ලංකා අංශයේ සභාපති ලෙස කටයුතු කරන එතුමා, ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ (CIMA Sri Lanka) උප කමිටුවලද සේවය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment