සම්බර්ඩ්ස් කාන්ට් ෆ්ලයි චිත්‍රපට තිර නාටකය නිකුත් වෙයි

111
සිනමාව හදාරන්නන් සඳහා විශේෂ වුවත් පොදුවේ සමස්ත සිනමා රසිකයන් හා පොදු පාඨකයන් උදෙසාද වැදගත් විය හැකි කෘතියක් දෙකක් දැන් එළිදැක්වී ඇත. ඒවා නම් සම්භාව්‍ය සිනමා කෘති දෙකක් වන Battle Ship Potemkin සහ Some Bird’s Can’t Fly යන චිත්‍රපට තිරනාටක ද්විත්වයයි. එම තිර රචනා දෙක සිංහලෙන් ඉදිරිපත් කර ඇත්තේ ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු හා සිනමා විචාරකයෙකු වන තිස්ස ප්‍රේමසිරි විසිනි.

අද පවතින සිනමාවේ න්‍යායයන් ගොඩ නැංවීමටද, සිනමා කෘතියක රිද්මය මේ යැයි හඳුන්වා දීමටද, අනූපමේය සේවයක් කළ සිනමා කෘතියක් වන මෙම චිත්‍රපටය සමස්ත සිනමාව අරබයා දැවැන්ත බලපෑමක් ඇති කරනු ලැබුවේ නිහඬ චිත්‍රපටයක් ලෙස වීමද ඉතා වැදගත් කරුණකි. ඒ නිශ්ශබ්ද සිනමා යුගයට අයත් 1925 වසරේදීය.

රුසියානු චිත්‍රපට ඉතිහාසයෙන් විශ්ව සිනමාවට තිළිණ කෙරුණ වටිනාම දායාදය ලෙස සැලකිය හැකි සිනමාවේ සමෝධාන රීතිය කුමක්දැයි ඉතා කදිමට පෙන්වා දුන් චිත්‍රපටයක් වන මෙය ආචාර්ය තිස්ස අබේසේකරයන් විසින් හඳුන්වා දී තිබුණේ “ලෝක සිනමාවේ සකස්කඩ ” වශයෙනි.

බ්‍රිතාන්‍යයේ පළවන අන්තර්ජාතික කීර්තියක් ලත් සඟරාවක් වන SIGHT AND SOUND විසින් 1925 දී ආරම්භ කරන ලද ලොව විශිෂ්ටතම චිත්‍රපට 10 තේරීමේ තරගයේදී එම කෘති 10 ට ඇතුළුවීමේ අවස්ථාව මෙම චිත්‍රපටයටද හිමි විය. ඒ මොහොතේදී එය දෙවැනි වූයේ ලොව අංක එකට තේරුණ “සිටිසන් කේන්” චිත්‍රපටයට පමණි.

සිනමාව අරබයා ඔහු තුළ වූ දර්ශනයත්, ජනතා අරගලය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සිය කලාත්මක අභියෝග ජය ගැනීමත් යන කාරණාවල අග්‍රඵලය බැට්ල්ෂිප් පොටෙම්කින්ය.

ඒ අනුව මෙතුළින් හුදු ප්‍රචාරකවාදී චිත්‍රපට නිර්මාණ කිරීමෙන් බැහැරව ජනතා අරගලය කලාත්මකව ප්‍රතිනිර්මාණය කළ හැකි චිත්‍රපට නිර්මාණය කළ හැකි බව සර්ජි අයිසන්ස්ටයින් මෙතුළින් පෙන්වා දී තිබීම ඒ සැමටම වඩා වැදගත් බව අපගේ පෞද්ගලික අදහස වෙයි.

තිස්ස ප්‍රේමසිරි විසින් සිංහලෙන් ඉදිරිපත් කර ඇති එම තිර නාටකය සර්ජි අයිසන්ස්ටයින් විසින් ලියා ඇත්තේ තවත් තිර රචකයන් දෙදෙනකුගේ ද සහය ලබමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment