ඉන්දීය ඇවිදීමේ ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ස්ථාන දෙකක්

120

ඉන්දියාවේ චන්දිගාර්හි පැවති 11 වැනි විවෘත ඇවිදීමේ ශූරතා තරගාවලියේ 14 වැනි සහ 33 වැනි ස්ථාන දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙදෙනෙක් සමත් වූහ.

කාන්තා සහ පිරිමි තරග කිලෝමීටර් 20ක දුරකින් යුක්ත විය.

ඒ අනුව එහි කාන්තා අංශයේ 14 වැනි ස්ථානය කල්හාරි මද්‍රිකා දිනා ගත්තාය. ඒ සඳහා ඇය ගත කළ කාලය පැය 1 යි විනාඩි 50 යි තත්පර 14 කි.

පිරිමි අංශයේ 33 වැනි ස්ථානය දිනාගත් එච්.එම්.එස්.ආර්. හේරත් පැය 1යි, විනාඩි 36 යි තත්පර 34 කින් තරගය නිම කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment