යුක්තිය නවත්වන්න අල්ලස් සෙල්ලම්

619

‘යුක්තිය’ මෙහෙයුම දිගටම කරගෙන යද්දී මුදල් අල්ලස් දී හෝ එම වැටලීම් නතර කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් ප්‍රධානීන්ට බලපෑම් කරන බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය.

මෙම බලපෑම්වලට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් නිලධාරීන්ට මරණ තර්ජන එල්ලවීම අද සාමාන්‍ය තත්ත්වයක ඇතැයි ද හෙතෙම කීය. අල්ලස් ගැනීම්, තර්ජන සියල්ලම මැඬලා මත්ද්‍රව්‍ය ජාවාරම් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ යුක්තිය මෙහෙයුම නතර නොකරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මෙම වැටලීම් සාර්ථකවීම් නිසා මත්ද්‍රව්‍ය විශාල හිඟයක් පවතින බව ද රුපියල් දෙදහසට ජාවාරම් කළ කුඩු පැකට්ටුව මේ නිසා රුපියල් හයදාහක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම කීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment