මෛත්‍රිත් ඉන්දියාවට

767

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරි සතියේදී ඉන්දියාව සහ ඇමරිකාවේ සංචාරය කිරීමට නියමිත බව නිදහස් පක්‍ෂ මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව මෙසේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා යෑම මෙහිදී සිදු කෙරේ. එහිදී වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව එරට නායකයන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් එම සංචාරයෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමරිකාව බලා පිටත් වීමට නියමිත බවත් මාධ්‍ය අංශය සඳහන් කරයි.

එහිදී ඇමරිකාවේ සිටින ඉහළ පෙළේ දේශපාලන නායකයන් මෙන්ම එරට සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රබල ක්‍රියාකාරීහු හමුවීමට නියමිත බවද එම මාධ්‍ය අංශය සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment