මව පෙමට විරුද්ධ වුණැයි ශිෂ්‍යාව ගෙලවැලලාගෙන මියයයි

3046

මොනරාගල නගරයේ ප්‍රධාන පාසලක උසස් පෙළ හදාරන පාසල් ශිෂ්‍යාවක් ඉකුත් (07දා) සිය නිවසේදී ගෙලවැලලාගෙන මියගොස් ඇතැයි මොනරාගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගලබැද්ද කොලොන්වින්න ගංගොඩගම පදිංචි පාසල් ශිෂ්‍යාවකි. ඇය තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට මව විරුද්ධවීම නිසා සිත්තැවුලට පත්ව මෙලෙස ගෙලවැලලාගෙන ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මෙම මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් (08දා) මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී. එස්. චාමින්ද සංජීව මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment