ඇමරිකාවේත් ඔමික්‍රෝන් පැතිරෙයි

136

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක මෙම දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන ‘එක්ස් බී බී .1.5’ නමැති නව ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ගැන මෙම වසරේ ලොව පුරා රටවල් දැඩි අවධානයක් යොමු කළ යුතු කොරෝනා ප්‍රභේදය වනු ඇතැයි ඇමරිකානු සෞඛ්‍ය විශේෂඥයන් විසින් අනතුරු අඟවා තිබේ. මෙම නව ‘ඔමික්‍රෝන්’ ප්‍රභේදය නිසා ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉකුත් සතිය ඇතුළතදී දෙගුණයකින් වැඩි වී ඇත. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 40කට වැළඳී ඇත්තේ නව ප්‍රභේදය බව මේ වන විට අනාවරණය වී තිබේ. ඇමරිකානු රෝග පාලන හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානයට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ඊසාන දිග කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 75කට වැළඳී ඇත්තේ මෙම නව කොරෝනා ප්‍රභේදයයි.

එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවලින් ද මෙම නව කොරෝනා ප්‍රභේදයට ගොදුරු වූවන් වාර්තා වී ඇත.

මෙයට වසරකට පමණ පෙරදී ලොව පුරා ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යෑම ඇරැඹීමෙන් පසු කොරෝනා වෛරස් ප්‍රභේදයක් මෙතරම් ශීඝ්‍රයෙන් පැතිර යන ප්‍රථම අවස්ථාව මෙය වන බව විශේෂඥයෝ පවසති.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment