තෙල් පෝලිමේ 17 වැනි මරණය පයාගලින් 

227

පයාගල අයිඕසී ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු ඊයේ (07 දා) අලුයම හදිසියේ අසනීපව මියගොස් ඇතැයි පයාගල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මොරටුව, රාවතාවත්ත 3 වන පටුමගේ පදිංචිව සිටි හිලරි ප්‍රනාන්දු නමැති 60 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

මියගොස් ඇති තැනැත්තා පෞද්ගලික ආයතනයක (එලිෆන්ට් හවුස්) ජංගම අයිස් ක්‍රීම් අලෙවි රථයක රියැදුරකු ලෙසින් සේවය කරන්නෙකි.

ඔහු දින තුනක් පමණ සිය ත්‍රිරෝද රථයට පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝළිමේ රැඳී සිට ඇති අතර ඊයේ අලුයම 1.45ට පමණ හදිසියේ අසනීප වී තිබේ.

ඒ මොහොතේ ඔහුගේ ත්‍රිරෝද රථයට පිටුපසින් පෙට්‍රල් ලබාගැනීමට රැඳී සිටි නාගොඩ වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචි එම්. ඩී. ඒ. ආර්. දිසානායක මහතා විසින් සිය ත්‍රිරෝද රථයෙන් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අලුයම 5.30 ට පමණ මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment