සුරාබදු පුරප්පාඩුවලට දෙපාර්තමේන්තුවේ සිටින උගත් දක්‍ෂයින් යොදවන්න

103

– සුරාබදු නිලධාරි සංගමයේ සම ලේකම්

සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙපාර්තමේන්තුවේ සිටින උගත්, දක්‍ෂ නිලධාරීන් යොදවන ලෙස ශ්‍රී ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් ජේ. ඒ. ඩී. නිරෝෂන් ජයකොඩි මහතා ඉල්ලා සිටී.

සුරාබදු දෙපාර්තමේන්තුවේ සිටි නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසු දෙපාර්තමේන්තුවේ පරිපාලනයට බලපෑමක් නොමැති බවත්, දැනට දෙපාර්තමේන්තුව සතුව උසස් අධ්‍යාපනය ලබා ඇති සැලකිය යුතු පිරිසක් සිටින නිසා ඔවුන්ගෙන් එම පුරප්පාඩු පිරවිය හැකි බවත් ජයකොඩි මහතා කීය.

දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දැනට සිටින වැඩ ආවරණ කරන නිලධාරීන් ස්ථිර කර සේවයට යොදවා ගන්නා ලෙස රාජ්‍ය සේවා කොමිසම මගින් දැනුම් දී ඇතත් ඇතැම් උසස් නිලධාරීන් එය ඉටු නොකර සිටින බවත් ඔහු පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment