මේ බංකොලොත් රටේ මිලියන 3410ක තවත් නාස්තියක් – සජිත් හෙළිකරයි

96

බංකොලොත් රටේ පළාත් පාලන ආයතන කොට්ඨාස මට්ටමින් පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කරන්න යන බවත්, එයට හේතුව මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලනය කිරීමට බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පළාත් පාලන බලප්‍රදේශ 341කට රුපියල් කෝටිය බැගින් වෙන් කරන්න යන බවත් මේ සඳහා මිලියන 3410ක් වැය කරන්න යන බවත් රටේ පාසල්වලට සුහුරු පන්ති නොමැති අවස්ථාවේ මෙවැනි මුදල් තොගයක් නාස්ති කරන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 173 වැනි අදියර යටතේ කොළඹ කැස්බෑව මකුළුදූව නව ආදර්ශ විiාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා පරිත්‍යාග කළේය.

එසේම මේ කමිටු ආණ්ඩුකාරවරුන් හරහා තම ගෝලයන් යොදා මෙහෙයවන බවත්, මෙය ජාතික අපරාධයක් බවත්, මේ සඳහා සමගි ජන බලවේගය විරුද්ධ බවත් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත නීත්‍යනුකූලව ගන්නා සෑම පියවරක්ම ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

එමෙන්ම අප රටට එන විදේශිකයන්ට වීසා ලබාදෙන ක්‍රමයේ වෙනසක් කර ඇති බවත් ඩොලර් 1කට තිබුණු වියදම වී.ආර්.එස්. නමින් විදේශීය ආයතන තුනකට ඩොලර් 18.50 ගාණේ වීසා ලබාදෙන්න ගෙවා ඇති බවත් විදේශිකයන් ලක්ෂ ගණනක් එන බව කිව්වත් එම විදේශිකයන්ගෙන් වීසා වෙනුවෙන් රජය ඩොලර් මිලියන ගාණක් පිටරටට ලබාදෙන්න කටයුතු කර ඇති බවත් විදේශිකයන් ලක්ෂ 25ක් ආවොත් ඩොලර් මිලියන 46ක් වාර්ෂිකව ගෙවීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment