යන්න කිව්වත් යන්නේ නැති ආණ්ඩුකාරවරුන් 4 දෙනා ගෙදර යවන්න ක්‍රම 3 ක්

147

ධුරවලින් ඉවත්වන ලෙසට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති ආණ්ඩුකාරවරුන් ඉවත් නොවුවහොත් ක්‍රම තුනක් යටතේ ඔවුන් ඉවත්කිරීමට සැලසුම් කර ඇත.

ආණ්ඩුකාරවරුන් ඉවත් නොවන බවට මේ වනවිට ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බැවින් ඊට අදාළව ගත හැකි පියවරයන් සම්බන්ධයෙන් සාකච්ඡා කර මෙම පියවරයන් තුන අනුගමනය කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පළමු ක්‍රමය ලෙස ආණ්ඩුකාරවරුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විනිසුරුවකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර ආණ්ඩුකාරවරුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනාවලින් වැරදිකරුවන් උවහොත් ඉවත් කිරීම, දෙවන ක්‍රමය ලෙස වෙනත් පිරිස් ආණ්ඩුකාරවරුන් ලෙස පත්කිරීම සහ දැනට සිටින අයට මුදල් ප්‍රතිපාදන නොදීම මෙන්ම ඔවුන් ජනාධිපතිගේ නියෝජිතයන් සේ නොසලකන බව රාජ්‍ය නිලධාරීන්ට දැනුම්දීම තීරණය වී ඇත.

ආණ්ඩුකාරවරුන් ඉවත්වුවහොත් ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයට ප්‍රථම එම ධුරවලට අලුත් පුද්ගලයන් පත්කෙරෙනු ඇත. සිය තනතුරුවලින් ඉවත්වන ලෙස නැගෙනහිර උතුර, සබරගමුව සහ ඌව පළාත් ආණ්ඩුකාරවරුන්ට ඉවත්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment