කායික සබඳතා නැතිව දැරියක් ගැබ්ගත වීම විය හැක්කේ මිලියනයකට එකක් – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

90

කායික සබඳතාවක් නොමැතිව දරුවෙකු ගැබ් ගනු ලබන්නේ ලෝකයේ මිලියනයකට එකක් පමණ විය හැකි යැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා “දිවයින”ට පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අසන්නට ලැබුණු මෙම සිද්ධිය පිළිබඳව ස්ථීරව යමක් සඳහන් කළ හැක්කේ එම දරුවා ප්‍රසුත කිරීමෙන් පසු ජාන පරීක්ෂණවලට ලක්වීමෙන් අනතුරුව යැයි ද දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ, හෙට්ටිපොළ පොලිස් වසමේ පදිංචි 13 හැවිරිදි දැරියක් කායික සබඳතාවක් නොමැතිව ගැබ් ගැනීමේ සිද්ධිය පිළිබඳව අප කළ විමසීමකට පිළිතුරු වශයෙනි.

එම දැරිය අදාළ වෛද්‍යවරු විමර්ශනයකට භාජනය කළ මොහොතේ කායික සබඳතාවක් සිදුවී ඇති බවට සාධක පෙනෙන්නට නැති බව වාර්තා කර තිබුණි. එම දැරිය සහ ඇගේ පවුලේ උදවිය ද දැරිය කායික සබඳතාවකට ලක්නොවූ බව පොලිසියට පුන පුනා ප්‍රකාශ කර තිබුණි.

මෙම දැරිය පසුගිය දින කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් ඇති අතර වෛද්‍යවරුන් ඇගේ මානසික තත්ත්වය සමතයකට පත්කිරීම සඳහා ක්‍රියාකර ගෙන යති.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment