අගමැති දෙදෙනත් පිටියට බසිති

241

බෝඩර් – ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ ඔස්‌ට්‍රේලියාව අතර ඊයේ (09 වැනිදා) සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භයට පෙර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ඔස්‌ට්‍රේලියා අගමැති ඇන්තනි ඇල්බනීස් මහතා දෙරටේ ක්‍රිකට් නායකයන්ට සුබ පැතුම් එක්කිරීමට අහමදාබාද් පිටියට පිවිසියහ.

ඉන්දියාව සහ ඔස්‌ට්‍රේලියාව අතර ක්‍රිකට් තරග ආරම්භ වී වසර 75ක් පිරීම නිමිති කොට ගෙන එම මිතුදම සිහිපත් කිරීම පිණිස දෙරටේ අගමැතිවරු දෙදෙනා විශේෂ රථයකින් ක්‍රීඩාංගණය පුරා සරිසරමින් නරඹන්නන් වෙත සිය ආචාරය ද පුද කර සිටියහ.

අනතුරුව ක්‍රීඩාංගණයේ විශේෂ ප්‍රේක්‍ෂකාගාරයේ සිට තරගය නැරඹීමට ද ඔවුහු සහභාගි වූහ. ඔස්‌ට්‍රේලියා අගමැතිවරයා පෙරේදා (08 වැනිදා) ඉන්දියාවට පැමිණ තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment