චිත්‍රපට අධ්‍යක්‍ෂ ලුවී අභාවප්‍රාප්ත වෙයි

190

චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයකු, නිෂ්පාදකවරයකු, තිරකතා රචකයකු සහ ගේය පද රචකයකුද වූ ප්‍රවීණ කලා ශිල්පී ලුවී වැන්ඩස්ට්‍රාටන් මහතා ඊයේ (20දා) අභාවප්‍රාප්ත විය.

මෙරට සිනමාව වෙනුවෙන් චිත්‍රපට රැසක් නිර්මාණය කළ ඒ මහතාගේ ඇතැම් චිත්‍රපට ප්‍රේක්‍ෂකයන් අතර දැඩි කතාබහට සහ දැඩි ආන්දෝලනයටද ලක්විය.

බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, බෝනික්කා, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, ඇගේ වෛරය 1, 2, 3, 4, අපි බය නැහැ, වියරු

ගැහැනියක්, ගර්ල් ෆ්‍රෙන්ඩ්, දඩබිම, කන්‍යාවියගේ රාත්‍රිය, බලකාමය, සුන්දර වරද, සෙල්ලම් කුක්කා, හාදු වැස්සක්, ගිනිගත් හෝරාව, සීතල හාදු, ධර්ම පුතු, සුරසැප සොයා ඇතුළු චිත්‍රපට 34 ක් ඒ මහතා විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබීය.

සම්මානිත ඉංග්‍රීසි නවකතාකරුවකුද වූ ඒ මහතා සිනමාව වෙනුවෙන් අවසන් වරට කළ නිර්මාණ වන රන් කිරුළ, බුද්ධි අලි ළමයා, පැරෂුට්, පිවිතුරු චේතනා ගෙනදෙයි වාසනා සහ සූරයා වීරයා යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලා ශිල්පී ලුවී වැන්ඩස්ට්‍රාටන් මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment