කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා සහ Capitol Towers හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ධම්මික වසන්තකුමාර මහතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාවට සහභාගී වූ Capitol Towers Ltd. හි විකුණුම් කළමණාකාරිණි තක්ෂිලා ආරියවංශ, ජ්‍යෙෂ්ඨ කළමණාකරු – විකුණුම් සී.තුවරේගන් මහතා සහ කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන කළමණාකරු – පාරිභෝගික නිෂ්පාදන අංශය දුෂ්මන්ත ජයසූරිය මහතා සහ බැංකුවේ කළමණාකරු – නිවාස ණය නිෂ්පාදන හසේල ද සිල්වා මහතා.

ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (GBCSL) රන් සහතිකය හිමි කරගත් කොළඹ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් වන Capitol TwinPeaks හි නිවාස ගැනුම්කරුවන් සඳහාම සකස් කරන ලද හරිත නිවාස ණය ලබා දෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

මේ සඳහා බැංකුව සහ එම ව්‍යාපෘතිය හිමි ඇති Capitol Towers Ltd. ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ අනුව මෙම ගැනුම්කරුවන් හට විශේෂ ප්‍රතිලාභ රැසක් ලබා දෙමින් තම නිවාස මිලදී ගැනීමට පහසුකම් සැපයීමට හා ඔවුන් පරිසර හිතකාමී බවට නැඹුරු වීමේ අවස්ථා වැඩි කිරීමට මෙම ආයතන දෙක ම බැඳී සිටියි.

මෙම සැලැස්ම යටතේ Capitol Towers Ltd. මහල් නිවාස සඳහා 40% ක් දක්වා සහන මිල ගණන් ලබා දීමට කටයුතු කරනු ඇත. කොමර්ෂල් බැංකුව එකඟ වී ඇති පරිදි ණය මුදල සඳහා ප්‍රකාශිත ප්ලැටිනම් පොළී අනුපාතිකයට වඩා 1%ක් අඩු කිරීමත් සහ ලේඛන ගාස්තු සඳහා 50%ක වට්ටමක්ද ලබා දෙනු ඇත. තවද බැංකුවේ හරිත නිවාස ණය යොජනා ක්‍රමය සමඟ ලියාපදිංචි වී ඇති තෝරාගත් සූර්ය බලශක්ති නිෂ්පාදන සැපයුම්කරුවන් පස් දෙනෙකුගෙන් ලබා ගන්නා සේවා සඳහා 10%ක වට්ටමක් හිමිවේ.

මෙම ආකර්ශණීය හා විශේෂිත වූ ප්‍රතිලාභ ලබාගත හැක්කේ 2024 ජනවාරි 31 දක්වා පමණි.

මෙම ණය මුදල් සඳහා වසර 15ක් දක්වා වූ කාල පරාසයන් තුළදී ආපසු ගෙවීමේ අවස්ථාව ලබා දෙයි. එසේම නඩත්තු කටයුතු සහ පරිසර හිතකාමීත්වය වැඩි කිරීමේ නව සංවර්ධන කටයුතු සඳහා ණය ගිවිසුම නැවත අළුත් කිරීමට ද හැකියාව පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment