2019 පැවති රට දෙසැම්බරයේදී ගෙන එනවා- එජාප සභාපති වජිර අබේවර්ධන

119

2019 මේ රට භාරදෙන විට පැවති තත්ත්වයට මේ වසරේ දෙසැම්බර් වන විට ගෙන එන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් බරපතළ අර්බුද මැද රට භාරගෙන බුද්ධිමත් ලෙස අභියෝග ජය ගනිමින් සිටින පරිදිම එක්සත් ජාතික පක්‍ෂයත් රට හමුවේ එම අභියෝගය රැකදීම සඳහා පෙළගස්වන බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

මේ දිනවල එජාප බලමණ්ඩල පිහිටුවමින් යන බවත් මේ මාසය වන විට බලමණ්ඩල 150ක් පමණ පිහිටුවන බවත් ඔහු කීය.

එක්සත් ජාතික පක්‍ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා බණ්ඩාරගම සහ හොරණ එක්සත් ජාතික පක්‍ෂ බලමණ්ඩල රැස්වීම් අමතා මේ බව කීය.

නමුත් අද රනිල් වික්‍රමසිංහ මහතා ටිකෙන් ටික රට සුවපත් කරන විට ඔවුන් නැවත වේදිකා උඩට නැග මහජනතාව රවටමින් දේශපාලන සටන් වැකි කියමින් බලය ඉල්ලනවා. රට කඩාගෙන වැටෙන විට එය ගොඩගැනීමට සැලසුමක් නොතිබුණු අයට අදත් සැලැස්මක් තිබෙන්න විදිහක් නැහැ. ඒ නිසා අපේ රටේ ජනතාව මේ ගැන ඉතා හොඳ අවබෝධයෙන් බැලිය යුතුව තිබෙනවා.

දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියනවා 2048 වෙනකම් ශ්‍රී ලංකාවේ එකම ප්‍රතිපත්තියක් ගෙනිච්චොත් අන්න එදාට පුළුවන් ආසියාවේ බලවත් රටක් හැටියට නැගිටින්න කියලා. මීට වැඩිය ලෝකයේ පුංචි රටවල් පවා නැගිටලා තිබෙනවා.

මට මතකයි මීට අවුරුද්දකට පමණ ඉහතදී අපේ රටේ මහජනතාව හිටියේ පෝලිම්වල. පෙට්‍රල් ෂෙඩ් එකේ ගැලුම් තියාගෙන අපිට බනිනවා. ඒක තියාගෙන ඉන්න ගමන් අපි පාරේ යනවා දැක්කොත් අපිට හූ කියනවා. ඊට පස්සෙ එතන ඉඳගෙන රනිල් වික්‍රමසිංහ මහතාට බනිනවා.

බණ්ඩාරගම – ආර්. ඒ. එස්. ප්‍රේමතිලක, පානදුර – දීපිකා කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment