SLT-MOBITEL අනුග්‍රහයෙන් 2023 IESL Techno ප්‍රදර්ශනය සවිබල ගැන්වේ

60

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, 2023 IESL Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. මෙම ප්‍රදර්ශනය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වාර්ෂිකව සංවිධානයකරන ප්‍රමුඛතම ප්‍රදර්ශනයක්වන මෙය, රටේ විවිධ ක්ෂේත්‍රවල සිදුවන තාක්ෂණික දියුණුව සහ නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අගනා අවස්ථාවකි.

එමෙන්ම මෙමගින් මෙරට දුරකථන සන්නිවේදන සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස SLT-MOBITEL සතු පිළිගැනීම තවදුරටත් තහවුරුවන අතර, දැනුම හුවමාරු කරගනිමින් අදාළ ක්ෂේත්‍ර අඛණ්ඩව දියුණුව කරා රැගෙන යාමට දායකවන වැඩසටහන්වලට අත්වැලක් වීමට සමාගම දක්වන කැපවීමද මෙමගින් නිරූපණය වේ.

IESL Techno ප්‍රදර්ශනය යනු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන්, ඉංජිනේරුවන් හා නවෝත්පාදකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවන, නවීන තාක්ෂණය පිළිබඳව දැනුම හා අදහස් හුවමාරුවන ප්‍රදර්ශනයකි. මෙම තෙදින ප්‍රදර්ශනය තුළදී නරඹන්නන්ට ලොව නවතම සොයාගැනීම්, නිෂ්පාදන සහ හැකියා දැකබලා ගැනීමට අවස්ථාව හිමි වේ.

සැපයුම්කරුවන්, විවිධ ආයතන හා සංවිධානවල නියෝජිතයන්, ජාතික තලයේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ පාරිභෝගිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙති. SLT-MOBITEL හි අනුග්‍රාහකත්වය සමගින් මෙම ප්‍රදර්ශනය තුළදී දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ නවෝත්පාදන ප්‍රදර්ශනය කෙරෙනු ඇති අතර, එය මෙම ප්‍රදර්ශනයේ ආකර්ෂණීයත්වය තවදුරටත් වර්ධනයකරන සාධකයක් වනු නොඅනුමානය.

advertistmentadvertistment
advertistmentadvertistment