“හලන්ගොඩ-අතපත්තු” කුසලාන තරගය අද ඇරැඹේ

74

සත්කාරකත්වය ශාන්ත තෝමස් විදුහලට

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර හලන්ගොඩ- අතපත්තු කුසලානය වෙනුවෙන් පැවැත්වෙන දෙදින තරගය අද (26 වැනිදා) ආරම්භ වේ. ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය අද උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතය. ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම මහිත් පෙරේරා විසින් මෙහෙයවන අතර ඉරුත් ගිම්ශාන් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමට නායකත්වය ලබා දෙයි.

මෙම ශූරතාව සඳහා පැවති තරගවලින් ශාන්ත තෝමස් විද්‍යාලය කණ්ඩායම එක් වරක් ජයග්‍රහණය කර ඇති අතර අනෙක් තරග ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment